සොයන්න

Thursday, November 11, 2010

Java World Congress and Java Sri Lanka Exhibition 2010 - 2010

රාජ්‍ය දායකත්වය

වැඩසටහන්

තොරතුරු තාක්‍ෂණ යටිතල පහසුකම්‍ ද අවස්ථාවන්ද සලසන්නාවූ පරිසරයක් ගොඩනැංවීම, ICTA මානව සම්‍පත් දියුණු කිරීම, පාලන ක්‍රම හා පුරවැසි සේවාවන් යථාවක් බවට පත් කිරීම, සමාජ ආර්ථික වර්ධනය තොරතුරු තාක්ෂණය ලීවරයක් ලෙස යොදාගැනීම සහ ශ්‍රි ලංකාව තොරතුරු තාක්ෂණ තෝතැන්නක් බවට අභිවර්ධනය කිරීම ආවරණය කරන්නා වූ මෙම පංච ක්‍රමෝපායකින් යුත් ඉ- ශ්‍රී ලංකා මෙහෙය ICTA මගින් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම ජාතික ICT මාර්ග සිතියම අනුගමනය කිරීමේදී සෑම වැඩසටහන් ක්‍ෂේත්‍රවලම හවුල්කරුවන් ප්‍රමුඛ යොමු කණ්ඩායම් බිහිකර යොදා ගැනීම මෙන්ම රාජ්‍ය-පුද්ගලික අංශ හවුල්කාරකම් ද අප විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තියෙහිදී ප්‍රධාන සාධක වනු ඇත.
කරුණාකර පහතින් හෝ ඉහල උප මෙනුවෙන් වැඩසටහන් තෝරන්න.

උපුටා ගැනීම:  http://www.icta.lk/si/programmes.html

දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති

ඉ-ගම්මාන





ග්‍රාමීය දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්ව ඉහළ නංවා උසස් සාමාජිකයන් ලෙස සමාජයට තරුණ, ICT භාවිතය ඇති සමාජ සංවර්ධනයට උරදෙන පිරිසක් බිහිකිරීම.
  • විස්තරය
ශ්‍රී ලංකාවේ උතුරුමැද පළාතේ කුඩා ගම්මානයක් වූ මහවිලච්චි ග්‍රාමය නංවාලමින් ඉ-ගම්මාන සංකල්පය අප විසින් පිහිටුවන ලදී. හදුන්වාදීමෙන් විශේෂයෙන් ග්‍රාමීය තරුණ කොටස් ක්‍රියාශීලී ලෙස සිය ජීවිත සංවිධානය කළේය. ඒ අතරම ගුරුවරු, කේවල පුද්ගලයින් හා සංවිධාන ද හරහා දැනුම සමග නිපුනතා ප්‍රවර්ධන අවස්ථා ද සැලසීමෙන් මේ පිරිස් උසස් ජීවන තත්ත්වයකට හුරු‍වෙමින් පවති. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගොවි පවුල්වලින් පැවත එන ද්වීතික අධ්‍යාපන තලයක සිටින සිසුන් පවා දැන් වෙබ් අඩෙවියක් නිර්මාණය කිරීමට තරම් දැනුමකින් සමන්විත වීම උදාහරණයකි.
      දැන් මෙම තත්ත්වය රට පුරා විහිද ඇති ගම්මාන කෙරේ රැගෙන යාමට සැරසේ. දුගී හා අවවර්ධිත ගම්මාන තෝරාගෙන ඒවායේ අවශ්‍යතා හා අවස්ථා උද්දීපනයෙන් පහසුකම් සමග ඉ-අධ්‍යාපන, ඉ-වානිජ්‍යය හා අනෙකුත් සේවා ද ඇතුලත් කර ඇත. තවත් සහයකයන්ද හා එක් වී විශිෂ්ඨ සේවාවකට මුල පුරා ග්‍රාම සංවර්ධනය හා සමාජ අවස්ථා එම ග්‍රාමීය සමාජ අතර ඇති කිරීම දැනටමත් අරඹා හමාරය.
      තොරතුරු තාක්ෂණ මෙවලම් වල ඵලදායී දායකත්වය තුලින් සමාජ ආර්ථික සංවරධනය කඩිනම් කල හැකිබව විදහාපැම මුලික අරමුණවේ. මෙම ගම්මාන ජාත්‍යන්තර සේවාදායකයින්ට අන්තර්ජාල අඩවි නිර්මාණය කිරීම් තුලින්, තම දෙමාපියන්ට වඩා ආදායම් උපයන ද්විතීක අධ්‍යාපනය ලබන සිසු/සිසුවියන්ගේ ශක්‍යතාවයන් පිළිබඳ ප්‍රත්‍යක්ෂ උදාහරණයන් වේ
      විල්පත්තු වනෝද්‍යනයට මායිම්ව පිහිටි කුඩා ගමානයක් වන කඳුරුපිටිය දැනටමත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය තුළින් උදාවු ගම්මානයකට උදාහරණයකි. මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි හිඟුරුකඩුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කැටවල ඉතා වේගයෙන් දියුණු වන ආදර්ශ ඉ-ගම්මාන වේ
  • ඉලක්ක කණ්ඩායම්
    ග්‍රාමීය ජනසමාජ
  • ව්‍යාපෘති ප්‍රතිඵල
    • වැඩිහිටි හා ළමා පිරිස්අතරට සන්නිවේදන හා දැනුම රැගෙන යාම.
    • ICT හා ආබද්ධ ක්‍රියාකාරකම් කෙරේ ග්‍රාමීය ජනයා ඒකරාශී කරගැන්ම හා ඉ වානිජ්‍යය, ඉ අධ්‍යාපනය වැනි ක්‍රියාකාරකම් හඳුන්වා දීම.
    • සමාජය වෙත ‍බහු මාධ්‍ය පුස්තකාල ලබාදීම
    • ICT ගම්මාන වල ක්‍රමික වර්ධනය
    • ග්‍රාමීය මට්ටමේ නිපුනතා ප්‍රවර්ධන
  • ව්‍යාපෘති ප්‍රතිලාභ
    තොරතුරු සන්නිවේදනයෙන් ග්‍රාමීය ජනයා සන්නද්ධ කරවීම. (මෙවැනිය : අ.පො.ස සා.පෙළ ප්‍රතිඵල ලැබීම, විශ්වවිද්‍යාල එළඹුම්, උසස් රැකියා උත්පාදනය, ඉ-වානිජ්‍යය, උසස් සෞඛ්‍ය, වගා හා ගොවිපල වර්ධනය.)